බුද්ධානුස්සති භාවනාව වැඩීමේ ආනිසංස හා බුදුගුණ භාවනාව වඩන හැටි
- iudarath
- Oct 12, 2019
- 2 min read
Updated: Dec 18, 2019

බුද්ධානුස්සති භාවනාව වැඩීමේ ආනිසංස, පළමුව දක්වනු ලැබේ.
සතර අපායට පත් නොවීම නිතර සෝමන්ස්ස සහගත සිතකින් යුතුව දිවි ගෙවීම සත්‍ය ගරු කරන පුද්ගලයකු බවට පත් වීම නිහතමානී ගති පැවතුම් ඇතිවීම ලෝකයාට ප්‍රියමනාප වීම බොහෝ කොට සිව්පස ප්‍රත්‍ය ලැබීම දෙවියන්ගේ දැහැමි රැකවරනය ලැබීම අන් අයගෙ කරුණා මෛත්‍රියට භාජනය වීම තම අදහස්, යෝජනා අන් අය එකහෙලා පිළිගැනීම භූත, ප්‍රේත, පිසාච ආදී විපත් ලං නොවීම පාපයට ලැජ්ජ භය වීම අධි කුසලයට සිත නැඹුරු වීම අපල, උපද්‍රව දුරුවී කුසල විපාක මතුවීම ගුණ, නුවණින් පිරිපුන් වීම පිටසක්වල නූපදීම අඳ, ගොළු, බිහිරි ආදී අභව්‍ය නොවීම උන්මන්තක නොවීම මිසිදිටු නොගැන්වීම මරණයට නොබියව මුහුණදීම මුහුණෙ වර්ණය පැහැපත්වීම වස, විස, ගිනි, අවි, ආයුධ වලින් විපත් වලින් වැලැක්වීම බුදුබව පවා පැතීමට සිත නැමීම තම හදවත බුදු මැදුරක් මෙන් පිහිටීම යම් උපන් ලෙෂයක් නිසා බුදුවරයෙක් මුණගැසීම එසේ සිදුනොවුනේනම් ඔවුන් වෙත බුදුවරු වැඩම කරවීම තම සිතුම් පැතුම් එලෙසම ඉටු වීම ධාරන ශක්තිය හා අවබෝධ කරගැනීමේ හැකියාව ලැබීම සෑම කෙනෙකු තමාවෙත නැමීගත් පැවතුම් ඇත්වීම සම්මා දිට්ඨියෙහි පිහිටීම යම් මූල කර්මස්ථානයකට සිත යෙදූ වහාම සිත සාමාධිගත් වීම ඇස්වහ, කටවහ, කොඩිවින, බන්ධන, හෝවහ විපත් සිදුනොවීම ප්‍රභූවරුගේ ගෞරව සැලකිල්ලට භාජනය වීම මේ ජීවිතයේ මග පල නොලැබුනේ නම් ඒකාන්තියෙන්ම සුගති පරායන වීම සුවසේ සැතපීම හා අවදිවීම සිදුවීම නපුරු සිහින නොපෙනීම භව තැතිගැනීම, ලොමුඩැහැගැනීම සිදු නොවීම
බුදුගුණ භාවනාව වඩන හැටි
බුද්ධානුස්සති භාවනාව අප කාටත් පහසු භාවනාවකි. මෙහිදී සිදු වන්නේ බුදු ගුණ මෙනෙහි කිරීම ය. ඒවා නව අරහාදි බුදු ගුණ වශයෙන් හැඳින්වෙයි. පළමු කොට බුද්ධාලම්බන ප්‍රීතිය හිතට කාවද්දාගැනීමේ පහසුව සඳහා කුඩා ප්‍රමාණයේ හෝ බුදු රුවක් ඉදිරියෙන් තබාගැනීම යෝග්‍ය වේ. බුදු පිළිම වහන්සේට මල් පහන් සුවඳ දුම් පුදා තම භාවනා අසුනෙහි පහසු ඉරියව්වකින් වාඩි වී ‘බුද්ධාදි උතුමන් අනුගමනය කරන මම කුමන මාර බලයකින් වුව ද නොසැලෙමි’ යන දැඩි අදිටනින් යුතු ව භාවනාවට සූදානම් විය යුතු ය.
අනතුරු ව ත්‍රිවිධ රත්නයට මාගේ ජීවිතය පූජා කරමි. ආචාර්ය-උපාධ්‍යායන්ට මාගේ ජීවිතය පූජා කරමි. මේ උතුම් පිළිවෙතින් ඒකාන්තයෙන් ම ජරා මරණාදි දුක්වලින් මිදෙමි’ යනුවෙන් ප්‍රාර්ථනා කළ යුතු ය. එසේ ම ස්වල්ප වේලාවක් තමන් ඇතුළු සියලු සත්ත්වයන්ට ම මෙත් වැඩිය යුතු ය. භාවනා කිරීම ආරම්භ කිරීමට ප්‍රථම මෙම පූර්ව කෘත්‍යයන් කිරීමට අමතක නොකළ යුතු ය.
පළමුකොට ඔබ ඉදිරියේ තැන්පත් කරගත් බුදුරුව දෙස හොඳින් බලන්න. දෙනෙත් වසාගෙන සිටින විටත් ඔබ ඉදිරියෙහි බුදුරුව වැඩ සිටින බව පෙනෙනතෙක් ඇස ඇර බලමින් ඇස වසා බලමින් බුදු ගුණ මෙනෙහි කරන්න.
ඔබ දෑස වසාගත් පසු ඔබ ඉදිරියෙහි ප්‍රදර්ශනය වන බුදු රජාණන් වහන්සේගේ රූපය දෙස බලමින් ‘ඉතිපිසෝ භගවා අරහං’ ආදි බුදු ගුණ ගාථාව බුදු බැතිය හා ප්‍රසාදය ඇති කරගනිමින් සිහින් හඬින් සජ්ඣායනා කරන්න. වාඩි වී සිටින ඉරියව්ව අපහසු වේ නම් සක්මන් ඉරියව්වෙන් භාවනා කරන්න. එසේ ම මෙම අභ්‍යාසය කරන කාලය ද අනුක්‍රමයෙන් වැඩි කරගන්න. මෙසේ උත්සාහයෙන් භාවනා කරන විට ඔබ තුළ යම් වෙනසක් දකින්නට ලැබෙනු ඇත. එනම් බුදු ගුණ නවය ඔබට හොඳින් ප්‍රගුණ වනු ඇත. බුදු ගුණ කෙරෙහි ඔබේ ගත සිත වඩාත් භක්තිමත් වනු ඇත. ඔබ තුළ දරදඬු ඕලාරික ගති ගුණ ඇත් නම් ඒවා යටපත් වී, සිත කය මැනවින් තැන්පත් වනු ඇත. බුදු ගුණ කෙරෙහි ම ඔබේ සිහිය පිහිටනු ඇත.
අරහං ගුණයට අයත් වාක්‍යය හොඳින් ප්‍රගුණ කරගත් පසු එයට ම සම්බන්ධ කරගෙන සම්මා සම්බුද්ධ ගුණයට අයත් වාක්‍යය ද ප්‍රගුණ කළ යුතු ය. එසේ එකිනෙක යා කරගනිමින් බුදු ගුණ නවය ම ප්‍රගුණ කරගැනීමෙන් යහපත් ප්‍රතිඵල උදා කරගත හැකි ය. මනසිකාර භාවනාවට යොමු විය යුත්තේ බුදු ගුණ පද නවය ම නිවැරදි ව නිරවුල් ව පැහැදිලි ව මෙනෙහි කිරීමට හුරු වූ කල්හි ම විය යුතු ය.
📷



Comments