දේශනා ප්‍රාතිහාර්යය
- iudarath
- Apr 26, 2024
- 3 min read
බුදුරජාණන් වහන්සේගේ විවිධ දේශනා ක‍්‍රම
අප ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ඉතා ගැඹුරු විශිෂ්ට ගණයේ දහමකි. එම දහම අවබෝධ කර ගැනීම පහසු කටයුත්තක් නොවේ. ඒ බව ‘‘පඤ්ඤාවන්තස්සායං ධම්මො නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස’’යන බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප‍්‍රඥාවන්තයන්ට මිස දුෂ්ප‍්‍රාඥයන්ට නොවේ යන පාඨයෙන් පැහැදිලි වේ. කම්මාවරණ, ක්ලේසාවරණ වලින් යුක්ත සත්ත්වයන්ට මෙම දහම අවබෝධ කර ගැනීම පහසු නොවේ. ඒ බව බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් හෙයින් බුදු වූ අලූත ධර්මය සන්නිවේදනය කිරීම නිෂ්ඵල කාර්යයක් වශයෙන් ද හුදෙක් තමාට වෙහෙසීම පිණිස හේතුවන්නක් බවද කල්පනා කොට ධර්මය දේශනා කිරීමේ මැලි බවක් මුලදී අනුගමනය කළ බව පැහැදිලි වේ. එහෙත් මේ ලෝකයේ වසන සත්ත්වයෝ එක හා සමාන නොවන බව පියුම් විලක ඇති පියුම් උපමාවට ගෙන අවබෝධ කොට ධර්මය දේශනා කිරීමට අදහස් කළේය.
එනම්,
1. පොකුණක හටගෙන මඩ හා දිය මතම ගැලී පවතින නෙළුම් මල්, එනම් අවම පෞරුෂත්වයක් ඇති මිනිස්සු.
2. පොකුණෙහි හටගෙන ජල හා සමානව තිබෙන නෙළුම් මල්. එනම් මධ්‍යම පෞරුෂත්වයක් ඇති මිනිස්සු.
3. පොකුණෙහි හටගෙන මඩ හා දියෙන් උඩට නැගී මනාව පිපුණා වූ සුවඳ දසතම පතුරන්නා වූ නෙළුම් මල් උපරිම පෞරුෂත්වයක් ඇති මිනිස්සු.
ඉහත උපමා තුනෙන් පැහැදිලි වන කරුණ නම් මිනිස්සු සම මානසිකත්වයෙන් යුක්ත නොවන බවයි. එබැවින් බුදුරජාණන් වහන්සේ ද ධර්ම දේශනා කිරීම සඳහා නොයෙකුත් දේශනා ශෛලීන් භාවිත කළ බව පැහැදිලි වේ. ඒ සඳහා භාවිත ක‍්‍රම කිහිපයක් පිළිබඳව ති‍්‍රපිටක ඉගැන්වීම් ඇසුරු කරගෙන පැහැදිලි කිරීම මෙම සංක්‍ෂිප්ත ලිපියෙහි අරමුණයි. බුදුරජාණන් වහන්සේ යොදා ගත් සන්නිවේදන විධික‍්‍රම පහත අයුරින් පැහැදිලි කර දැක්විය හැකිය.
එකංස ව්‍යාකරණීය ක‍්‍රමය
එක එල්ලේම සෘජු පිළිතුරු දෙන ක‍්‍රමයකි. නිදසුනක් ලෙස යමෙක් බුදුරජාණන් වහන්සේගෙන් සාංසාරික ජීවිතය දුක් සහගත දැයි විමසුවහොත් ඔව් යනුවෙන් සෘජු පිළිතුරක් සපයයි.
පටිපුච්ඡා ව්‍යාකරණීය ක‍්‍රමය
ප‍්‍රතිප‍්‍රශ්නයක් නඟා ප‍්‍රශ්නය නිරවුල් කොට පිළිතුරු දීමයි. නිදසුනක් ලෙස කිසිවෙක් පැමිණ කර්ම කිරීමෙන් සත්ත්වයා දුගතිගාමී වේදැයි ප‍්‍රශ්න කළහොත් කවර කර්ම කිරීමෙන් දැයි අසයි. අනතුරුව අකුසල කර්ම කිරීමෙන් යනුවෙන් කිවහොත් එවිට අකුසල කර්ම කිරීමෙන් සත්ත්වයා දුගතිගාමී වේ යැයි පිළිතුරු දෙයි.
විභජ්ජ ව්‍යාකරණීය ක‍්‍රමය
කිසියම් ප‍්‍රශ්නයක් දිගින් දිගට බෙදා වෙන්කර පිළිතුරු සැපයීමයි. නිදසුනක් ලෙස සත්ත්වයා යනු කවරෙක්දැයි උන්වහන්සේගෙන් විමසුවහොත් සත්ත්වයා යනු රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පඤ්චකයක් බව පැහැදිලි කරයි.
ඨපනීය ක‍්‍රමය
මේවා අව්‍යාකෘත ප‍්‍රශ්න යනුවෙන් ද දැක්වේ. කිසිවිටෙකත් පිළිතුරු නොදුන් ක‍්‍රමයකි. නිදසුනක් ලෙස ‘‘චූල මාලූංක්‍යපුත්ත තෙරුන්වහන්සේ’’ බුුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ලෝකයේ ආරම්භය අවසානය ආදී වශයෙන් ප‍්‍රශ්න දහයක් විමසා සිටි. ඒ කිසිවකටත් බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදුන්හ. චූල මාලූංක්‍යපුත්ත තෙරුන් වහන්සේ ඒවාට පිළිතුරු නෙදෙතොත් තමන් සිවුරු හැර යන බවත් කියා සිටියේය. එහෙත් බුදුරජාණන් වහන්සේ පවසා ඇත්තේ ඔබ සිවුරු හැරයතත් මෙම ප‍්‍රශ්නවලට පිළිතුරු නොලැබෙන බවයි.
බුදුරජාණන් වහන්සේ මෙම ප‍්‍රශ්නවලට පිළිතුරු නොදී සිටියේ මන්ද? සැබැවින්ම ඒවා නිවනට හෝ නිවන් මගට අදාළ නොවන බැවිනි. උන්වහන්සේ කථාකළේ නිවනට සහ නිවන් මගට අදාළ දේ පමණි. මෙකී ප‍්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදී සිටියේ නොදන්නාකම නිසා යැයි කිව නොහැක. කුල බේදයේ අරම්භය පිළිබඳ විවරණයක් කිරීමට සිදු වූ අවස්ථාවක උන්වහන්සේ ලෝකයේ ප‍්‍රභවය පිළිබඳ සාකච්ඡුා කර තිබීමෙන් ඒ බව තවත් තහවුරු වේ.
බුදුරජාණන් වහන්සේගේ තවත් දේශනා ක‍්‍රමයන් පිළිබඳ පෙළ සාහිත්‍යයේ නොයෙක් තැන් හි සඳහන් වී තිබේ. ඒ මෙසේය.
1. අත්‍ථජ්ඣාවාස - තමන්ගේ අදහසට අනුව ධර්මය දේශනා කිරීම.
(රතන සූත‍්‍රය හා කරණීයමෙත්ත සූත‍්‍රය*
2. පරජ්ඣාවාස - අනුන්ගේ අදහසට අනුව ධර්මය දේශනා කිරීම. (සිඟාලෝවාද සූත‍්‍රය*
3. අට්ඨුප්පත්තික - තැනට එළඹෙන කරුණක් අනුව
ධර්මය දේශනා කිරීම. (වසල සූත‍්‍රය*
4. පුච්ඡුාවාසික - ප‍්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් ධර්මය දේශනා කිරීම. (මංගල, පරාභව සූත‍්‍ර*
බුදුරජාණන් වහන්සේගේ තවත් එක් ධර්ම දේශනා විලාශයක් ලෙස උපමා, රූපක භාවිත කරමින් ධර්ම දේශනා කිරීම දැක්විය හැකිය.
උපමා, රූපක භාවිත කිරීම තුළින් ගැඹුර ධර්ම කරුණක් ඉතා පහසුවෙන් ශ‍්‍රාවකයාට තේරුම් ගත හැකි විය. උපමා භාවිතයේදී තමා අවට ඇති පරිසරයෙන් උපමා රූපක යොදා ඇත. නිදසුනක් ලෙස ‘‘චක්කංව වහතො පදං, ඡුායාව අනපායිනි, තිණ දොසානි ඛෙත්තානි, කම්මාරො රජතස්සේව නිද්ධමේ මලමත්තනො, වාරිජෝව ථලෙ ඛිත්තො ඔකමොකත උබ්හතො, අබ්භාමුත්තො’ව චන්දිමා’’ මෙවැනි උපමා සිය ගණනක් සූත‍්‍ර දේශනාවන් හි දැකිය හැක. මෙය ද බුදුරජාණන් වහන්සේගේ එක් ධර්ම දේශනා ක‍්‍රමයක් ලෙස සැලකීම නිවැරදිය.
මේ හැරුණු විට තමන් කරා පැමිණෙන ශ‍්‍රාවකයන්ගේ මනෝභාවයන් පිළිබඳව උන්වහන්සේ විශේෂ අවධානයක් යොමු කරමින් දම් දෙසූ බව පාලි ති‍්‍රපිටකයෙන් පෙනේ. එම කථා පුවත් දෙස අවධානය යොමු කිරීමේ දී ඒවායෙහි ඇති සාර්ථක කම මැනවින් පෙනේ. කුසට ආහාරයක් නැතිව බණ ඇසීමට පැමිණි අසරණ මිනිසාගේ කථාව, පටාචාරා, කිසාගෝතමී වැන්නවුන්ගේ කථා පුවත් චුල්ලපන්ථක හිමියන්ගේ, අංගුලිමාල හිමියන්ගේ කථා පුවත් මේ සම්බන්ධයෙන් නිදසුන් වශයෙන් ගත හැක.
බුදුරජාණන් වහන්සේ ළඟට ශ‍්‍රාවකයකු පැමිණි විට එක්වරම ධර්මය දේශනා නොකරයි. තමා කරා පැමිණෙන ශ‍්‍රාවකයාට සිල් රැුකිීමේ අනුසස්, දන් දීමේ අනුසස්, නෛෂ්ක‍්‍රම්‍යයේ අනුසස්, කාමයේ ආදීනව පිළිබඳව දේශනාවන් කරනු ලැබේ. (දාන කථා, සීල කථා, සග්ග කථා, කාමානං ආදීනවං, නෙක්ඛම්මේ ච ආනිසංසං පකාසෙති*. මෙලෙස ශ‍්‍රාවකයා සමග සතුටු සාමීචියේ යෙදී අනුපිළිවෙළින් ධර්මය දේශනා කිරීම බුදුරජාණන් වහන්සේගේ දේශනා ක‍්‍රමයයි. මෙම දේශනා කොපමණ නම් සාර්ථකවීද යත් බොහෝ සූත‍්‍රවල අවසානයේ ශ‍්‍රාවකයා නගන උදානයෙන් ඒ බව පැහැදිලිය.
‘‘අභික්කන්තං භො ගොතම අභික්කන්තං භො ගොතම නික්කුජ්ජිතං වා උක්කුජෙජය්‍ය. පටිච්ඡුන්නං වා විවරෙය්‍ය, මූල්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය අන්ධකාරෙ වා තේල පජ්ජෝතං ධාරෙය්‍ය චක්ඛුමන්තො රූපානි දක්ඛිණන්ති’’
‘‘ස්වාමීනි හරි පුදුමයි. යටිකුරු කළ දෙයක් උඩුකරු කළ සේ, ආවරණය කළ දෙයක් නිරාවරණය කළා සේ, මං මුළාවූවකුට මඟ පෙන්වූවා සේ, අඳුරෙහි සිටියහුට ලොව දකින්නට පහනක් දැල්වූවා සේ පින්වත් ගෞතමයන් වහන්සේ නොයෙක් අයුරින් ධර්මය දේශනා කරන ලදී. මම ඔබ වහන්සේ ද ධර්මය ද සංඝයාද සරණ යමි. උපාසකයෙකු බවට ද පත් වෙමි’’
ඉහත සඳහන් ප‍්‍රකාශයන්ගෙන් බුදුරජාණන් වහන්සේ උපයෝගී කරගත් ධර්ම දේශනා විලාශ කොපමණ දුරට සාර්ථක ද යන්න පැහැදිලි වේ.
උපුටා ගැනිම දවයින පෙබරවාරි මස 19 දින 2019
|
| |||||||||||||||||||


Comments