top of page

දේශනා ප්‍රාතිහාර්යය

  • iudarath
  • Apr 26, 2024
  • 3 min read

බුදුරජාණන් වහන්සේගේ විවිධ දේශනා ක‍්‍රම

අප ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ඉතා ගැඹුරු විශිෂ්ට ගණයේ දහමකි. එම දහම අවබෝධ කර ගැනීම පහසු කටයුත්තක් නොවේ. ඒ බව ‘‘පඤ්ඤාවන්තස්සායං ධම්මො නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස’’යන බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප‍්‍රඥාවන්තයන්ට මිස දුෂ්ප‍්‍රාඥයන්ට නොවේ යන පාඨයෙන් පැහැදිලි වේ. කම්මාවරණ, ක්ලේසාවරණ වලින් යුක්ත සත්ත්වයන්ට මෙම දහම අවබෝධ කර ගැනීම පහසු නොවේ. ඒ බව බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් හෙයින් බුදු වූ අලූත ධර්මය සන්නිවේදනය කිරීම නිෂ්ඵල කාර්යයක් වශයෙන් ද හුදෙක් තමාට වෙහෙසීම පිණිස හේතුවන්නක් බවද කල්පනා කොට ධර්මය දේශනා කිරීමේ මැලි බවක් මුලදී අනුගමනය කළ බව පැහැදිලි වේ. එහෙත් මේ ලෝකයේ වසන සත්ත්වයෝ එක හා සමාන නොවන බව පියුම් විලක ඇති පියුම් උපමාවට ගෙන අවබෝධ කොට ධර්මය දේශනා කිරීමට අදහස් කළේය.

 එනම්,

 1. පොකුණක හටගෙන මඩ හා දිය මතම ගැලී පවතින නෙළුම් මල්, එනම් අවම පෞරුෂත්වයක් ඇති මිනිස්සු.

 2. පොකුණෙහි හටගෙන ජල හා සමානව තිබෙන නෙළුම් මල්. එනම් මධ්‍යම පෞරුෂත්වයක් ඇති මිනිස්සු.

 3. පොකුණෙහි හටගෙන මඩ හා දියෙන් උඩට නැගී මනාව පිපුණා වූ සුවඳ දසතම පතුරන්නා වූ නෙළුම් මල් උපරිම පෞරුෂත්වයක් ඇති මිනිස්සු.

 ඉහත උපමා තුනෙන් පැහැදිලි වන කරුණ නම් මිනිස්සු සම මානසිකත්වයෙන් යුක්ත නොවන බවයි. එබැවින් බුදුරජාණන් වහන්සේ ද ධර්ම දේශනා කිරීම සඳහා නොයෙකුත් දේශනා ශෛලීන් භාවිත කළ බව පැහැදිලි වේ. ඒ සඳහා භාවිත ක‍්‍රම කිහිපයක් පිළිබඳව ති‍්‍රපිටක ඉගැන්වීම් ඇසුරු කරගෙන පැහැදිලි කිරීම මෙම සංක්‍ෂිප්ත ලිපියෙහි අරමුණයි. බුදුරජාණන් වහන්සේ යොදා ගත් සන්නිවේදන විධික‍්‍රම පහත අයුරින් පැහැදිලි කර දැක්විය හැකිය.

 එකංස ව්‍යාකරණීය ක‍්‍රමය

 එක එල්ලේම සෘජු පිළිතුරු දෙන ක‍්‍රමයකි. නිදසුනක් ලෙස යමෙක් බුදුරජාණන් වහන්සේගෙන් සාංසාරික ජීවිතය දුක් සහගත දැයි විමසුවහොත් ඔව් යනුවෙන් සෘජු පිළිතුරක් සපයයි.

 පටිපුච්ඡා ව්‍යාකරණීය ක‍්‍රමය

 ප‍්‍රතිප‍්‍රශ්නයක් නඟා ප‍්‍රශ්නය නිරවුල් කොට පිළිතුරු දීමයි. නිදසුනක් ලෙස කිසිවෙක් පැමිණ කර්ම කිරීමෙන් සත්ත්වයා දුගතිගාමී වේදැයි ප‍්‍රශ්න කළහොත් කවර කර්ම කිරීමෙන් දැයි අසයි. අනතුරුව අකුසල කර්ම කිරීමෙන් යනුවෙන් කිවහොත් එවිට අකුසල කර්ම කිරීමෙන් සත්ත්වයා දුගතිගාමී වේ යැයි පිළිතුරු දෙයි.

 විභජ්ජ ව්‍යාකරණීය ක‍්‍රමය

 කිසියම් ප‍්‍රශ්නයක් දිගින් දිගට බෙදා වෙන්කර පිළිතුරු සැපයීමයි. නිදසුනක් ලෙස සත්ත්වයා යනු කවරෙක්දැයි උන්වහන්සේගෙන් විමසුවහොත් සත්ත්වයා යනු රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පඤ්චකයක් බව පැහැදිලි කරයි.

 ඨපනීය ක‍්‍රමය

 මේවා අව්‍යාකෘත ප‍්‍රශ්න යනුවෙන් ද දැක්වේ. කිසිවිටෙකත් පිළිතුරු නොදුන් ක‍්‍රමයකි. නිදසුනක් ලෙස ‘‘චූල මාලූංක්‍යපුත්ත තෙරුන්වහන්සේ’’ බුුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ලෝකයේ ආරම්භය අවසානය ආදී වශයෙන් ප‍්‍රශ්න දහයක් විමසා සිටි. ඒ කිසිවකටත් බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදුන්හ. චූල මාලූංක්‍යපුත්ත තෙරුන් වහන්සේ ඒවාට පිළිතුරු නෙදෙතොත් තමන් සිවුරු හැර යන බවත් කියා සිටියේය. එහෙත් බුදුරජාණන් වහන්සේ පවසා ඇත්තේ ඔබ සිවුරු හැරයතත් මෙම ප‍්‍රශ්නවලට පිළිතුරු නොලැබෙන බවයි.

 බුදුරජාණන් වහන්සේ මෙම ප‍්‍රශ්නවලට පිළිතුරු නොදී සිටියේ මන්ද? සැබැවින්ම ඒවා නිවනට හෝ නිවන් මගට අදාළ නොවන බැවිනි. උන්වහන්සේ කථාකළේ නිවනට සහ නිවන් මගට අදාළ දේ පමණි. මෙකී ප‍්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදී සිටියේ නොදන්නාකම නිසා යැයි කිව නොහැක. කුල බේදයේ අරම්භය පිළිබඳ විවරණයක් කිරීමට සිදු වූ අවස්ථාවක උන්වහන්සේ ලෝකයේ ප‍්‍රභවය පිළිබඳ සාකච්ඡුා කර තිබීමෙන් ඒ බව තවත් තහවුරු වේ.

  බුදුරජාණන් වහන්සේගේ තවත් දේශනා ක‍්‍රමයන් පිළිබඳ පෙළ සාහිත්‍යයේ නොයෙක් තැන් හි සඳහන් වී තිබේ. ඒ මෙසේය.

 1. අත්‍ථජ්ඣාවාස - තමන්ගේ අදහසට අනුව ධර්මය දේශනා කිරීම.

 (රතන සූත‍්‍රය හා කරණීයමෙත්ත සූත‍්‍රය*

 2. පරජ්ඣාවාස - අනුන්ගේ අදහසට අනුව ධර්මය දේශනා කිරීම. (සිඟාලෝවාද සූත‍්‍රය*

 3. අට්ඨුප්පත්තික - තැනට එළඹෙන කරුණක් අනුව

 ධර්මය දේශනා කිරීම. (වසල සූත‍්‍රය*

 4. පුච්ඡුාවාසික - ප‍්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් ධර්මය දේශනා කිරීම. (මංගල, පරාභව සූත‍්‍ර*

 බුදුරජාණන් වහන්සේගේ තවත් එක් ධර්ම දේශනා විලාශයක් ලෙස උපමා, රූපක භාවිත කරමින් ධර්ම දේශනා කිරීම දැක්විය හැකිය.

 උපමා, රූපක භාවිත කිරීම තුළින් ගැඹුර ධර්ම කරුණක් ඉතා පහසුවෙන් ශ‍්‍රාවකයාට තේරුම් ගත හැකි විය. උපමා භාවිතයේදී තමා අවට ඇති පරිසරයෙන් උපමා රූපක යොදා ඇත. නිදසුනක් ලෙස ‘‘චක්කංව වහතො පදං, ඡුායාව අනපායිනි, තිණ දොසානි ඛෙත්තානි, කම්මාරො රජතස්සේව නිද්ධමේ මලමත්තනො, වාරිජෝව ථලෙ ඛිත්තො ඔකමොකත උබ්හතො, අබ්භාමුත්තො’ව චන්දිමා’’ මෙවැනි උපමා සිය ගණනක් සූත‍්‍ර දේශනාවන් හි දැකිය හැක. මෙය ද බුදුරජාණන් වහන්සේගේ එක් ධර්ම දේශනා ක‍්‍රමයක් ලෙස සැලකීම නිවැරදිය.

 මේ හැරුණු විට තමන් කරා පැමිණෙන ශ‍්‍රාවකයන්ගේ මනෝභාවයන් පිළිබඳව උන්වහන්සේ විශේෂ අවධානයක් යොමු කරමින් දම් දෙසූ බව පාලි ති‍්‍රපිටකයෙන් පෙනේ. එම කථා පුවත් දෙස අවධානය යොමු කිරීමේ දී ඒවායෙහි ඇති සාර්ථක කම මැනවින් පෙනේ. කුසට ආහාරයක් නැතිව බණ ඇසීමට පැමිණි අසරණ මිනිසාගේ කථාව, පටාචාරා, කිසාගෝතමී වැන්නවුන්ගේ කථා පුවත් චුල්ලපන්ථක හිමියන්ගේ, අංගුලිමාල හිමියන්ගේ කථා පුවත් මේ සම්බන්ධයෙන් නිදසුන් වශයෙන් ගත හැක.

 බුදුරජාණන් වහන්සේ ළඟට ශ‍්‍රාවකයකු පැමිණි විට එක්වරම ධර්මය දේශනා නොකරයි. තමා කරා පැමිණෙන ශ‍්‍රාවකයාට සිල් රැුකිීමේ අනුසස්, දන් දීමේ අනුසස්, නෛෂ්ක‍්‍රම්‍යයේ අනුසස්, කාමයේ ආදීනව පිළිබඳව දේශනාවන් කරනු ලැබේ. (දාන කථා, සීල කථා, සග්ග කථා, කාමානං ආදීනවං, නෙක්ඛම්මේ ච ආනිසංසං පකාසෙති*. මෙලෙස ශ‍්‍රාවකයා සමග සතුටු සාමීචියේ යෙදී අනුපිළිවෙළින් ධර්මය දේශනා කිරීම බුදුරජාණන් වහන්සේගේ දේශනා ක‍්‍රමයයි. මෙම දේශනා කොපමණ නම් සාර්ථකවීද යත් බොහෝ සූත‍්‍රවල අවසානයේ ශ‍්‍රාවකයා නගන උදානයෙන් ඒ බව පැහැදිලිය.

 ‘‘අභික්කන්තං භො ගොතම අභික්කන්තං භො ගොතම නික්කුජ්ජිතං වා උක්කුජෙජය්‍ය. පටිච්ඡුන්නං වා විවරෙය්‍ය, මූල්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය අන්ධකාරෙ වා තේල පජ්ජෝතං ධාරෙය්‍ය චක්ඛුමන්තො රූපානි දක්ඛිණන්ති’’

 ‘‘ස්වාමීනි හරි පුදුමයි. යටිකුරු කළ දෙයක් උඩුකරු කළ සේ, ආවරණය කළ දෙයක් නිරාවරණය කළා සේ, මං මුළාවූවකුට මඟ පෙන්වූවා සේ, අඳුරෙහි සිටියහුට ලොව දකින්නට පහනක් දැල්වූවා සේ පින්වත් ගෞතමයන් වහන්සේ නොයෙක් අයුරින් ධර්මය දේශනා කරන ලදී. මම ඔබ වහන්සේ ද ධර්මය ද සංඝයාද සරණ යමි. උපාසකයෙකු බවට ද පත් වෙමි’’

 ඉහත සඳහන් ප‍්‍රකාශයන්ගෙන් බුදුරජාණන් වහන්සේ උපයෝගී කරගත් ධර්ම දේශනා විලාශ කොපමණ දුරට සාර්ථක ද යන්න පැහැදිලි වේ.

උපුටා ගැනිම දවයින පෙබරවාරි මස 19 දින 2019


බුදුරදුන් අනුමත කළ දේශනා ප්‍රාතිහාර්යය

මහාචාර්යවිලේගොඩ අරියදේව හිමි


වරක් බුදුරජාණන් වහන්සේ නාලන්දා නුවර පාවාරිකා නම් වනයෙහි විවේක සුවයෙන් වැඩවාසය කරන අවස්ථාවක “කේවඩ්ඪ” නම් ගෘහපතියෙක් බුදුරදුන් හමුවීමට පැමිණියේ ය. ඔහු බුදුරදුන්ට මෙබඳු යෝජනාවක් කළේ ය. භාග්‍යවතුන් වහන්ස, “මේ නාලන්දාව විශාල ජනගහණයකින් යුත් සමෘද්ධිමත් නුවරකි. බොහෝ දෙනා ඔබවහන්සේ පි‍්‍රය කරති. භාග්‍යවතුන් වහන්ස මේ මහා පිරිසට සෘද්ධි ප්‍රාතිහාර්යයක් පාන්නේ නම් ඔවුහු ඔබවහන්සේට වඩාත් පැහැදෙනු ඇත. ඔබවහන්සේගේ ශිෂ්‍ය භික්ෂුවක් හෝ යොදවා එබඳු ප්‍රාතිහාර්යයක් කොට මේ පිරිස ධර්මයෙහි යොදවන්නේ නම් මැනවි.” මේ ඉල්ලීම දෙවෙනි තුන්වෙනි වරත් කරද්දී බුදුන්වහන්සේ නිහඬව සිට අවසානයෙහි මෙසේ පැහැදිලි කළහ.

ගෘහපතියෙනි, ගිහි ජනයා පහදවා ගැනීමට මම උත්තර මිනිස් දහමක්වන ප්‍රාතිහාර්ය පෑමක් සඳහා මම භික්ෂූන්ට උපදෙස් නොදෙමි. මෙහිලා මම ප්‍රාතිහාර්ය තුනක් පිළිබඳව පැහැදිලි කරමි. ඒ ප්‍රාතිහාර්ය තුන මෙසේ ය.

1. සෘද්ධි ප්‍රාතිහාර්ය2. ආදේශනා ප්‍රාතිහාර්ය3. අනුසාසනා ප්‍රාතිහාර්ය

මෙහි දැක්වූ පළමු ප්‍රාතිහාර්ය වන සෘද්ධි ප්‍රාතිහාර්යය යනු සාමාන්‍ය ලෝකයේ සිදු නොවන දේවල් කිරීමට ඇති හැකියාවයි. ජලය මතුපිට ගමන් කිරීම, අහසේ ගමන් කිරීම එකම තැනැත්තා විවිධ බොහෝ රූපයන්ගෙන් පෙනී සිටීම බිත්ති හරහා ගමන් කිරීම, පෙනීසිටිමින් අතුරුදහන්වීම මෙබඳු ක්‍රියාකාරකම් මඟින් දකින්නා විශ්මයට පත් කෙරෙයි. ආදේශනා ප්‍රාතිහාර්ය යනු අන්‍යයන් සිතූ දෙය, කල්පනා කළ දෙය දැකීමයි. එය පරසිත් දන්නා නුවණ ඇති අයට කළ හැකි දෙයකි. මෙම ප්‍රාතිහාර්යයෙන් වුවද ලාභ සත්කාර ලබමින් ජනපි‍්‍රයත්වයට පත්විය හැකිය. අන් අය පහදා ගැනීමට හැකිවනු ඇත. එසේම මෙහිලා වැදගත්වන්නේ ඔවුන්ගේ සිතැඟි දැන ඔවුන්ගේ යහපත සඳහා සුදුසු ධර්මයක් දේශනා කොට ඔවුන් යහපතෙහි යෙදවීමයි.

තුන්වෙනි ප්‍රාතිහාර්යය බුදුරදුන් අනුමත කළ ප්‍රාතිහාර්යයි. එය දේශනා ප්‍රාතිහාර්යයි. එහිදී අනෙකුත් ප්‍රාතිහාර්යය යම් පමණක් උපයෝගී කරගත් අවස්ථාද බුද්ධ චරිතයෙන් පැහැදිලි වේ. ප්‍රථම ධර්මදේශනාවේ ද තම ධර්මය ප්‍රථමයෙන්ම වටහා ගත්තේ කොණ්ඩඤ්ඤ තවුසා බව බුදුරදුන් දුටුවේ උන්වහන්සේගේ සිත කියැවීමෙනි. “අඤ්ඤාසි වත භො කොණ්ඩඤ්ඤො” යනුවෙන් බුදුවීමෙන් අනතුරුව දෙවනි උදාන ප්‍රකාශය බුදුරදුන් කළේ ආදේශනා ප්‍රාතිහාර්යය තුළිනි.

තුන්වෙනිව දැක්වූ දේශනා ප්‍රාතිහාර්ය, තමා සෘජුවම අනුගමනය කරන්නාවූ තම ශ්‍රාවකයන්ටද, අනුමත කරන්නා වූ ප්‍රාතිහාර්යය බව බුදුරජාණන් වහන්සේ ‘කෙවඩ්ඪට’ පැහැදිලි කළහ. අනුස්සනී ප්‍රාතිහාර්යෙන් උන්වහන්සේ උසස් කොට සැලකුයේ අන් හේතුවක් නිසා නොව ඉහතකී ප්‍රාතිහාර්ය දෙකෙන්ම කෙනෙකුගේ විමුක්තිය සාධකය කළ නොහැකි නිසාය. බුදුරදුන්ට පෙරත් ධ්‍යාන ඵල ලැබූ විවිධ ප්‍රාතිහාර්යය පෑවාට තමන් සිත දියුණුකළ සෘෂිවරුන් සිටියත් ඒ කිසිවකුට දුකෙන් නිදහස් වීමට නොහැකි විය. බුදුරදුන් උසස් කොට සැලකුයේ ධර්ම දේශනාවෙන් සිදුකෙරෙන මේ දේශනා ප්‍රාතිහාර්යයි. ඒ තුළින් පමණක් ලෝකවාසීන්ට සෙතක් උදාකිරීමට හැකි බව දත් උන්වහන්සේ තම ශ්‍රාවකයා උනන්දු කළේ ඒ සඳහාය. එහෙත් බුදුරජාණන් වහන්සේ සෘද්ධි ප්‍රාතිහාර්යය හා ආදේශනා ප්‍රාතිහාර්යය දෙක අනුගමනය කළ අවස්ථා ගණනාවක් දේශනා පාලියෙන් හමුවේ. එහිදීද උන්වහන්සේ අවසානයේ උපයෝගී කරගත්තේ දේශනා ප්‍රාතිහාර්යයි. දේශනා ප්‍රාතිහාර්ය මඟින් ධර්මාවබෝධය ලබාදුන් අතර සෘද්ධි ප්‍රාතිහාර්යය හා ආදේශනා ප්‍රාතිහාර්ය දෙක එක්තරා දුරකට උපයෝගී කරගෙන ඇති බව පෙනේ. බොහෝවිට මේ ප්‍රාතිහාර්ය දෙක බුදුරදුන් උපයෝගී කරගත්තේ අඩු බුද්ධියක් ඇති මුලාවට පත් වූ අය එයින් මුදා ගැනීම සඳහාය.

සෘද්ධි ප්‍රාතිහාර්ය ඉන්ද්‍රජාලයක් මිස යථාර්ථයක් නොවේ. අදත් එදත් එබඳු ඉන්ද්‍රජාලිකයෝ ලොව වෙසෙති. මෙබඳු ඉන්ද්‍රජාලයකින් මිනිසුන් පහදවාගෙන ඔවුන් සසර දුකින් මුදා ගැනීමට නොහැකිය. එබඳු දෙයින් කෙරෙන්නේ සත්වයන් තව තවත් මුලාවට පත් කිරීමකි. සත්වයා සසර දුකින් මුදාගත හැක්කේ ධර්මය දේශනා කොට එම ධර්මය අවබෝධ කරවීම තුළින් පමණි. එය දේශනා ප්‍රාතිහාර්ය යයි. බුදුරජාණන් වහන්සේ මුලින් කී ප්‍රාතිහාර්ය දෙක නොපැවැත්වීමට තම ශ්‍රාවකයන්ට අවවාද කළේ අනාගතයේ දී එය අනුමත කළ නම් ශාසනය ඉන්ද්‍රජාලිතයන්ගෙන් පිරි විනාශවන නිසාය. බුද්ධ දේශනාව ඤණ ඉන්ද්‍රජාලයක් නොව යථාර්ථයකි. එදත් අදත් බුද්ධිමත් නොවූ සාමාන්‍ය මිනිසා බෞද්ධ ලෝකයෙන් අපේක්ෂා කරන්නේ ප්‍රාතිහාර්යයන්ය. බුදුරදුන්ගේ අනාගත දැක්මේ අසිරිමත්බව මෙයින් පැහැදිලි වනු ඇත.

දේශනා ප්‍රාතිහාර්ය සිදුවූ අසිරිමත් බව කොපමණද? තණ්හාවේ දාසයන් බවට පත්ව තමාත් අනුනුත් දුකට පත් කරණ ලෝවැසියන් එයින් මුදා ගැණෙන්නේ දේශනා ප්‍රාතිහාර්යයේ ආනුභාවයෙනි. ද්වේෂයෙන් මෝහයෙන් අගතියට යන මිනිසුන්, අතර සැමදා දැකිය හැකි යුද්ධ, කලි කලහ, ගැටුම් අරගල දුරුකළ හැක්කේ දේශනා ප්‍රාතිහාර්යය බලයෙනි. ප්‍රචණ්ඩ වූ කාලිංග යුද්ධයේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ජීවිත අහිමිකළ අත්පා අහිමි කළ මව්පියන්ට දරුවන් අහිමි කළ දරුවන්ට පියවරුන් අහිමි කළ යුද්ධය කිසිදාක යළි ඇති නොවන තත්ත්වයට පත්කළේ ‘අශෝක’ දැහැමි පාලනයක බවට පත්කළේ දේශනා ප්‍රාතිහාර්යයේ බලයෙනි.

මෝහය මත පදනම් වූ ආගමික මූලධර්මවාදී දෘෂ්ටිවාද මත නිසා තමාගේ ජනතාව, සිසුන්, කාන්තාවන් සමූලඝාතනය කරන අන්ධවූ මිනිසුන් කවදා හෝ වෙනස්කළ හැක්කේ යථාර්ථය හෙවත් ධර්මය අවබෝධ කරවීම තුළින් පමණි. එය කළ හැක්කේ දේශනා ප්‍රාතිහාර්යකින් මිය සෘද්ධි ප්‍රාතිහාර්යකින් නොවේ. දුසිල්වත් ලෝක සිල්වතුන් බවට පත්වූයේ හත්ථිගාම, උග්ගහපුත්ත, වැනි බේබද්දන් පවා අනාගාමින් බවට පත් කළේ දේශනා ප්‍රාතිහාර්යයෙනි. අංගුලිමාල වෙත දේශනා ප්‍රාතිහාර්ය උපයෝගී කරගත්තේ ඔහුගේ මුලාව නැතිකිරීමට සෘද්ධි ප්‍රාතිහාර්ය හා ආදේශනා ප්‍රාතිහාර්යය උපයෝගී කර ගැනීමෙන් බව එම කතාවස්තුව පරීක්ෂා කර බලන විට මනාව පැහැදිලි වේ. සෘද්ධි ප්‍රාතිහාර්ය පෑමෙන් ජනයා වසඟකර නොගතයුතු බව වඩාත් තහවුරු කෙරෙන අවස්ථාවක් වන්නේ පිණ්ඩෝල භාරද්වාජ රහතන් වහන්සේ එක්තරා ධනවතකු විසින් කරන ලද අභියෝගයකදී ඉදිරිපත් වූ අවස්ථාවයි. මේ ධනවතාගේ අභියෝග වූයේ ලොව රහතුන් වෙසෙත්නම් මේ උස්තැන රඳවා ඇති සඳුන් පාත්‍රය අහසින් අවුත් ගනිත්වා! යන්නයි. මේ අභියෝගය භාරගත් පිණ්ඩෝල රහතන් වහන්සේ සෘද්ධියෙන් අහසින් ගොස් පාත්‍රය ගත්තාහ. බුදුන් වහන්සේ මේ බව අසා එම ස්ථානයට වැඩම කොට සඳුන් පාත්‍රය බිඳ දැමීමට ක්‍රිය කළ බවත් මහණෙනි, මිනිසුන් ඉදිරියේ මෙබඳු පහත් ප්‍රාතිහාර්යය නොපෑයුතු බවත් අවවාද දී ප්‍රාතිහාර්ය පෑමෙන් මිනිසුන් පහදවා ගැනීම නොකළ යුතු බවට විනය කර්මයක් ද පැණවූහ. මෙබඳු බලයන්ගෙන් මිනිසුන් පහදවා හිස් ගොඩක් රැස්කිරීමට වඩා දේශනා ප්‍රාතිහාර්යයෙන් මිනිසුන්ට ධර්මය අවබෝධ කොට ඔවුන් සසර දුකෙන් ගලවාගත යුතු බවත් උපදෙස් දුන්නාහ.

සෘද්ධිවිධ ඥානය හෙවත් සෘද්ධි ප්‍රාතිහාර්යය ඥානය, දිවැස්ඥානය, දිව්‍ය ශ්‍රෝත ඥානය හා චුතූපපාත ඥානය හෙවත් සත්වයාගේ ඉපදීම, මියයෑම පිළිබඳ ඥානය පංච අභිඥාවශයෙන් සැලකේ. භාවනා වැඩීමෙන් ලබාගත් මේ අභිඥාවන් දේශනා ප්‍රාතිහාර්යට හෙවත් ධර්මය දේශනා කිරීමෙහිලා, උපකාරිවන අතර කිසිසේත්ම එමඟින් ජනතාවගේ ආකර්ෂණය පැහැදීම ඇතිකරලීමට අරමුණු නොවිය යුතු ය. එසේම එබඳු අභිඥාවන් අර්හත්වය සඳහා අනිවාර්ය නොවේ. අභිඥානයෙන් තොරව දුක් නැතිකොට නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හැකිය. මේ සඳහා ප්‍රයෝජනවත් වන්නේ උපයෝගි වන්නේ දේශනා ප්‍රාතිහාර්යය. දේශනා ප්‍රාතිහාර්යය සෙසු ප්‍රාතිහාර්යන්ට වඩා බලවත් වන්නේ ඒ නිසායි.

සෘද්ධි ප්‍රාතිහාර්යයන් සැබෑ අධ්‍යාත්මික කුසලතාවකට වඩා මායාමය ව්‍යාජ හැකියාවක් ලෙස සලකා ඇති බව පැහැදිලි වන්නේ එය භික්ෂූන් විසින් අනුගමනය නොකළ යුත්තක් බව අවධාරණය කළ නිසයි. මිනිසුන්ගේ ගැටලුවලට විසඳුම ලැබිය හැක්කේ ප්‍රාතිහාර්යයි. මතින් නොව යථාර්ථවාදය අනුව සිතා හේතුඵල ධර්මය අනුව බවත් ඒ සඳහා මාර්ගය පෙන්වා තිබෙන්නේ ධර්මයෙහි බවත් අවධාරණය කරමින් දේශනා ප්‍රාතිහාර්යම බුදුසමය උතුම්කොට සලකන බව වටහාගත යුතුය.


 

 දුරුතු පසළොස්වක පෝය

දුරුතු පසළොස්වක පෝය ජනවාරි මස 04 වැනිදා ඉරිදා පූර්වභාග 9.23 ට ලබයි. 05 වැනිදා සඳුදා පූර්වභාග 10.23 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජනවාරි 04 වැනිදා ඉරිදාය.මීළඟ පෝයජනවාරි 13 වැනිදා අඟහරුවාදායි. 



පසෙලාස්වක

ජනවාරි 04

අව අටවක


අමාවක

ජනවාරි 20

පුර අටවක

ජනවාරි 27





 
 
 

Recent Posts

See All
අභිඤ්ඤාලාභී භික්ෂුණීන් අතර අග්‍ර වූ යශෝධරා මහ රහත් තෙරණිය-බුදුසරණ ඇසුරිනි

සුද්ධෝදන රජු බුදුරදුන් ළඟට ගොස් යශෝධරා කී දෙය දැන්වී ය. රජතුමනි යශෝධරාව බලන්න අපි යමු. සැරියුත් මුගලන් දෙනම ද බුදුරදුන් සමඟ වැඩියහ....

 
 
 

Comments


0719003300

  • Facebook
  • Twitter
  • LinkedIn

©2019 by udarath. Proudly created with Wix.com

bottom of page